Monday, March 28, 2011

This is the life-නුඹ විය හිමිදිරිය මා විය මද්දහන.. කවුරුන් වීද නුඹ අත ගත් සඳපාන...

නුඹ විය හිමිදිරිය මා විය මද්දහන.. කවුරුන් වීද නුඹ අත ගත් සඳපාන...

පරන පොත් අස්සෙ කොච්චර හෙව්වද.. තාමත් නැනේ මෙක..
අහ් මේ පොත නේද..
මේ තියෙන්නෙ
"නුඹ විය හිමිදිරිය මා විය මද්දහන"
පරණ පොතක් අස්සේ තිබිල අහුන කොල කැල්ලක ලියල තිබ්බ පද පෙලියක්..
හිත අතීතෙට ඇදිල ගියෙ නොදැනුවත්වම
"ඔයා මගෙ නේද.. මාව දාල යන්නෙ නැ නෙද..?"
"නැ කවදාවත් නැ.."
ඔයයි මායි හරියට මේ වගෙ.."
කියල කොල කැල්ලක එදා ලියුවේ.
"නුඹ විය හිමිදිරිය මා විය මද්දහන"
කියල..
ඔයාව මම තවත් කෙනෙකුත් එක්ක අතේ එල්ලිලා ඉන්නව දකිද්දි මට ඒ කතාව
මතක් වුනා..
අද මන් මේකේ ඉතුරු ටිකත් මෙහෙම පුරවනවා..
"නුඹ විය හිමිදිරිය මා විය මද්දහන..
කවුරුන් වීද නුඹ අත ගත් සඳපාන..."
ඉතින් ජීවිතේ ඔහොමලු

by Gihan

අපි මෙම ලිපිය ෆේස් බුක් එක්ක බෙදා ගමු



 45 Fans on the page

Wednesday, March 9, 2011

don"t talk with me -නොදොඩා ඉමු..........

නොදොඩා ඉමු..........

නොදොඩා  නොඅසා ඉවත බලා ඉමු
ඈත දනවුවක
නන්නාදුනනා අයවලුන් ලෙසින්...
හදවත අගුළු ලා සිතිවිලි සිරකර
‍දොඩමලු වු නෙතු පියා ගමු
නෙත් හසකැන් වලට බියෙන්.......
එකම සෙවන යට දෙදෙනෙකු වි අප
ලිහි වැටෙන දෑගිලි එක් කර
එකම ඉමක් ගැන සිහින දකිනු ලෙසින්....
සිත රවටා ගමු
සෙනහස මෙ යැයි කඳුලට සරදමි කරමින්.....
පාර පෙනෙන දුර කළුවරමයි සිත
කණාමැදිරි එළියටත් බියෙන්...
වහන් වෙලා ඉමු
කුළුදුල් පැතුමට පවු පිරවි යැයි බිෙයන්...........